Home / ගම්මැද්ද /
දෙවුන්දර දේවාල බිමේ පිහිටි රජ මහා විහාරය
2018-01-19 10:24:00  ★ 104

පිහිටීම - දකුණු පළාතේ මාතර දිස්ත්‍රිකකයේ වැල්ලබඩ පත්තුවට අයත් දෙව්නුවර පිහිටයි.
ගමන් මාර්ගය - මාතර - කතරගම ගමන් මාර්ගයේ දෙව්නුවර දේවාල භූමියත් සමඟම පිහිටයි.
විශේෂත්වය - ඓතිහාසික වශයෙන් පැවත එන විහාරස්ථානයකි.
පෞරාණික රජමහා විහාරය විෂ්ණු දේවාලයට ඉදිරිපසින් උස් භූමියෙහි පිහිටා ඇත. අතීතයේ දී එය චෛත්‍ය, ප්‍රතිමා, මන්දිර, බෝධිවෘක්ෂ, ධර්මශාලා, උපෝස්ථාගාර, ඡන්ඨාඝර ආවාසඝර, පොත්ගුල්, ධාතුමණ්ඩල, රාත්රිස්ථාන, දිවාස්ථාන, චංක්‍රමණ ආදී සියලු විහාරංගවලින් සමන්විතව තිබී ඇත. එමෙන්ම මෙම විහාරය ඔත්පිළිමගෙය හා හිටි පිළිම ගෙයකින් යුක්ත ය. ක්‍රි.ව. 712 දී හතර වන අග්බෝ රජු විසින් කරවන ලද දේවාල සන්නසෙහි මෙම විහාරය භූමි මහා විහාරය ලෙස දක්වා ඇත.
ක්‍රි.ව. 690 දී දෙව්නුවර සිය රාජධානිය කර ගත් දාපුළුසෙන් රජතුමා විසින් කරවන ලද චෛතය දේවාල භූමි මට්ටමට වඩා අඩි 12ක් උස් වූ 160 පමණ වට වූ භූමිභාගයක් මැද ඉතා දර්ශනීයව පිහිටා ඇත. වර්තමානයේ එය බුබ්බුලාකාර හැඩයක් ගත්ත ද අතීතයේ දී මේ දාගැබ සණ්ඨාකාර හැඩයෙන් යුක්ත වූ බව ක්‍රි.ව. 1796 ආසියාතික පර්යේෂණ සයවන කාණ්ඩයෙහි සඳහන් කර ඇත. එමෙන්ම මෙම චෛත්‍ය අතීයේ දී විවිධ නම්වලින් හඳුන්වා ඇත. මහාවංශය මෙය කිහිරැල් වෙහෙර ලෙසත් බුද්ධරක්ඛිත හිමියන්ගේ කඩයිම් පොතෙහි ගිරියෙල වෙහෙර ලෙසත් ගලතුරුමුලපා හිමියන් සඳමිණි වෙහෙර ලෙසත් හඳුන්වා ඇත. චෛත්‍ය මළුවට පහළ මළුවෙහි වම්පසට වන්නට සංඝාරාමය අසල පැරැණි ඔත්පිළිම ගෙය පිහිටා ඇත. එය මුලින්ම ක්‍රි.ව. 1306 දී කුරුණෑගල රාජධානිය කර ගත් හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් කරවූවක් බව මහාවංශයේ සඳහන් වේ. අවස්ථා ගණනාවකදී ප්‍රතිසංස්කරණය කරල ලද මෙම පිළිම ගෙය තුළ විශාල සැතපෙන පිළිමයක් හා ඒ වටා බිතුසිතුවම් දක්නට ලැබේ. ඔත්පිළිමගේ මළුවෙහි නටබුන් වූ පුරාවස්තු රාශියක් විසිරී ඇත. ඒ අතර ශිව ලිංග ගල්කණු කැටයම් රහිත සඳකඩපහණ් ද වෙයි.
පැරැණි ඉදිකිරිම් අතර සිටි පිළිම ගෙයක්, රත්පත්සුළුපහය නමින් මන්දිරයක්, ගලතුªරු මුලපාය නමින් සංඝාවාසයක්, නන්දන හා තිලක නමින් පිරිවෙන් දෙකක්, මෙම විහාර භූමියේ තිබු බව වංශකථාවල සඳහන් වන නමුත්, වර්තමානයේ ඒවා පිළිබඳ සාධක හමු නොවේ.
පහළ මළුවේ පිහිටි නව සංඝාවාසය හා පෝය ගෙය අතරින් ගමන් කළ ඉතා වටිනාටැම්, ලිපියක් දක්නට ලැබේ. එමෙන්ම දෙවිනුවර ඓතිහාසික පුදබිම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අන්තර්ගත තවත් සෙල් ලිපි දෙකක් කොළඹ ජාතික කෞතුකාරගාරයේ තැන්පත් කර ඇත.
විහාරස්ථානයකින් ඉටු විය යුතු සමාජමය කාර්යභාරය අතීතයේ පටන්ම අද දක්වාම එහි වැඩවාසය කරන සඟ පරපුර විසින් ඉටු කරනු ලබති.
මුහුදු රළ මීටර් දෙක තුනක් උස්වෙයි! බලපිටියේ සිට පොතුවිල් දක්වා අවධානම්
2018-04-21 01:39:00ගුරුසිංහට තවත් ඉහළ තනතුරක්! ඔක්කොම තනතුරු 04යි
2018-04-21 12:54:00තැපෑල සහ දුම්රිය ස්වාධීන ආයතන නොකරනු! වෘත්තීය සමිති අවි අමෝරයි
2018-04-21 12:53:00අපේ සහාය ඒකාබද්ධ විපක්ෂයට! ආණ්ඩුවෙන් ගිය ශ්‍රීලනිප 16 කියයි
2018-04-21 12:52:00ගේට්ටුවේ හිටිය අය පැනලා ගිහින්; උදව් කරන්න ගිය අයියා ජීවිතයෙන් වන්දි ගෙව්වා
2018-04-21 11:41:00කැලණි ගඟට තවත් ජීවිතයක් බිලි වෙයි
2018-04-21 11:37:00පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමය ගැන ඇමති කියයි
2018-04-21 11:34:00එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම් කරයි
2018-04-21 11:33:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com