වල්බිහි වී විනාශ වී යැමට නොදී රැකගත යුතු උතුරේ කදුරුගොඩ පින්බිම

2017-10-09 10:03:00       517
feature-top
යාපනය අර්ධද්වීපයේ ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන අතර නාගදීපේ හා දඹකොළ පටුන ආදී පුදබිම් මෙන්ම ඓතිහාසික වැදගත්කමක්‌ ඇති තවත් පුදබිමකි, කදුරුගොඩ සිද්ධස්‌ථානය මෙම පුරාණ විහාරස්‌ථානය යාපනයේ සිට කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් නගරයේ සිට කිලෝමීටරයක්‌ පමණ ගියවිට හමුවේ. ක්‍රි.පූ. 09 වැනි සියවසේ පමණ සාදා ඇතැයි කියන මෙහි වෙහෙර රාශියකි.
 
 අතීතයේ සිටම මෙම පුණ්‍ය භූමිය හින්දු භක්‌තිකයන්ගේ ද වන්දනාමානයට පාත්‍රවී ඇති ස්‌ථානයකි. බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා මෙන්ම බෞද්ධ ගිහි සිංහල ජනතාවක්‌ ද නොමැති මෙම ප්‍රදේශයේ මේ පුණ්‍ය භූමිය අද දක්‌වා ආරක්‌ෂා වීමද භාග්‍යයකි. හාස්‌කමකි.
 
 දෙමළ, සිංහල ජාතික සංහිඳියාව ගැන කියන්නට මෙම ඓතිහාසික පුදබිම සමත්ය. මෙහි ඇති නාමපුවරු කීපයකි. යාපනය යනුවෙන් සිංහලයෙන් බෝඩ් ඇත. කදුරුගොඩ විහාරස්‌ථානය යනුවෙන් ලියා ඇති සිංහල පුවරුවෙහිම දෙමළ බසින්ම විහාරස්‌ථානය හඳුන්වා තිබේ. මේ පුද බිමේ චෛතය එකොළහක්‌ තිබේ. මේ එකක්‌වත් දෙමළ ජනතාව අතින් විශාන වී නැත. පැරැණිකම නිසාම දුර්වර්ණ වී තිබේ. සුදු පිළියම් කිරීමට ආධාර ඉල්ලා පුවරුද දෙමළ, සිංහල භාෂාවන්ගෙන් ලියා තිබේ. දැන්වීම්වලට අනුව ඒ තරම් ආධාර ලැබී නැහැ. වෙහෙර වහන්සේලා බිමට සමතලා වෙන දිනය වැඩි ඈතක නොවේ.
 
 මෙම පුද බිමේ බෝධීන් වහන්සේ නමක්‌ ද දැකිය හැකිය. බෝධීන් වහන්සේ අසල බුදු කුටියකි. බෝධිපූජා කරන, මල් පහන් පූජා කරන හින්දු භක්‌තිකයන්ද බොහෝය. විශේෂයෙන් යාපනයේ සංචාරයේ යෙදෙන සිංහල බෞද්ධ බැතිමතුන් මෙහි පැමිණ ආගමික කටයුතුවල යෙදේ. වෙහෙර වහන්සේලා දැක ගනිති. වැඳ පුදාගැනීමට නොහැකි අන්දමට කම්බිවැටවල් වලින් ආරක්‌ෂා කර තිබේ.
 
 පසුගිය භීෂණ සමයේදීද කදුරුගොඩ විහාරයන්ට හානියක්‌ සිදුවී නැත. ප්‍රදේශවාසී දෙමළ ජනතාව මේ පුදබිම මැනවින් ආරක්‌ෂා කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක්‌ද මෙහි සිටී. ඒ අයටද පහසුකම් නැත. පිරිස ප්‍රමාණවත් නැත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මීට වඩා දෙයක්‌ සිදු විය යුතුයි
 
 අප මෑතකදී එහි කළ සංචාරයකදී අපට දැනගැනීමට හැකි වූයේ පුරාවිද්‍යා වටිනාකමක්‌ ඇති කදුරුගොඩ විහාරස්‌ථානය තවදුරටත් සංවර්ධනය කළ යුතු තත්ත්වයක පවතිsන බවකි. චෛත්‍යයන් සියල්ල ඇති භූමිය වල් බිහිවී ඇති අතර මේ චෛත්‍යයක්‌ද කැඩී ඇති බවකි. අවුරුදු කීපයක්‌ තිස්‌සේ කිසිම සංවර්ධනයක්‌ නොකර අත්හැර දමා ඇති බවකි.
 
 යාපනයට පැමිණෙන අය මෙහි පැමිණ සිද්ධස්‌ථානය දැක වන්දනාමාන කරගෙන යති. මෙහි තොරතුරු කියන්නට කිසිවකු නැත. ආගමික සංහිඳියාව ගැන කතාකරන මේ යුගයේ උතුරු පළාතේ ඇති බෞද්ධ ඓතිහාසික සිද්ධස්‌ථානයන්ද සංවර්ධනය කළ යුතුව ඇති බව කිව යුතුව ඇත. වල් බිහිවී ජරා ජීර්ණ වීමට නොදී මතු පරපුරට දැක ගැනීමටවත් ආරක්‌ෂාකර ගත යුතුය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »