සීගිරි චිත්‍රවල ඇත්තේ කාශ්‍යප රජුගේ දියණියන්

2017-09-08 10:23:00       198
feature-top
සීගිරිය ගැන විවිධ මත අදහස් වරින්වර එළිදකී. මේ විධියට වෙන්ඩ ඇත. මේ විධියට වෙන්ඩ ඇත. යනාදී වශයෙන් ඒ ඒ අයගේ මනෝභාවයන් විද්වත් ලෙසත් අවිද්වත් ලෙසත්  වරින්වර එළියට  එන්නේය. මේ අද ඊයේ ආයේ සිංහයන්ගේ පාද ලෙස සලකන දොරටුවේ  ඇති ඇඟිලි තුනේ පාද සිංහයකුගේ නොව කුරුල්ලකුගේ පාද මතයයි. මේ මත පුද්ගල මනෝභාව මිස යථා තත්ත්වය නොවේ. එහි යථා තත්ත්වය නිවැරදි ලෙස මහාවංසය දක්වා තිබේ. එහෙත් මහාවංසය ලියා ඇත්තේ පාලි බසින්  හා සිංහල අකුරින් වීම නිසා එහි එන අදහස් ඇඟට මදිය. අඩු ගණනේ ඉංගිරිසියෙන් බටහිරයකු ඔය තියෙන්නේ වලස් කකුල් යැයි කීවා නම් මහාවංසය  කුණු ගොඩේය. විද්වත් මත අපට අවශ්‍යය. එහෙත් ඒවා හේතු සාධක නැති පරගැති මත නොවිය යුතුය.

සීගිරි ගල බිහි වූයේ ලෝක විනාශය සිදු වී සක්වල නැවත සෑදෙන අවස්ථාවේම බව කිවයුතු නැත. ගල්පස් කන්දක් ලෙස නිර්මාණය වී සොබා දහමේ පහරින් ගෙවී ගිය ශේෂ කන්දක ශේෂයක් බවට එය පත්වන්නට ඇත. රා.ව. 479 වන විට මෙය විශාල පර්වතයක් වශයෙන් වෙන් වී පැවැති බවට සිතීමට කිසිම සාධකයක් අවශ්‍ය නැත 479 කාශ්‍යප  සිය අගනුවර මෙහි පිහිටුවා ගන්නා කල තිබූ තත්ත්වය එයයි. එහෙත් පෙර මෙහි ගල් ලෙන්වල භික්ෂූන් වාසය කළ බවට වෙනම අදහස් පසුව දක්වමු.

ධාතුසේන (461-479) රජුට පුත්‍රයන් දෙදෙනෙක් වූහ. අභිෂේක බිසොවගෙන් ලත් පුත්‍රයා වූ මුගලන් හා වෙනත් දේවියකගෙන් ලැබුණු පුත්‍රයා වූ කාශ්‍යප වශයෙනි. පියා මැරවූ කාශ්‍යප රජකමට පත් වූයේය. නියම ලෙස රාජ්‍යයේ හිමිකරු වූ මුගලන්  කුමරු ඔහුට බියෙන් ඉන්දියාවට පලා ගියේය. එහෙත් කාශ්‍යපද අනුරාධපුරයේ විසීමට බිය විය. ඔහු ආරක්ෂාව  උදෙසා ඉහතින් සඳහන් කරන ලද කන්ද තෝරා ගත්තේය. කාශ්‍යපගේ මේ තෝරා ගැනීම සිදුවන විට එහි නම සීගිරිය නොවීය. වෙනත් කිසියම් නමක් විය. එය අපට දැන් නිශ්චිතව දැනගත නොහැකිය. මහාවංසය මෙසේ කියා ඇත.

“ප්‍රාකාරයෙන් වටකොට හිණිපෙත් ගෙවල් සිංහ ආකාරයෙන් කරවීය. එයින් එය ඒ නමින් (සිංහගිරි) විය.”
මේ මහාවංස පාඨය කිසිවකුට වෙනස් කළ නොහැකිය. පර්වත මූණතේ සම්පූර්ණයේ  කපරාරු කර සිංහ රූ ඇඳ තිබුණේය. ඒ නිසා සීගිරි වී යැයි ප්‍රවාදයක් තිබේ. එහෙත් ඒවා අද දක්නා නොලැබේ.

සීගිරියේ සිංහයා කරවා ඇත්තේ උක්කුටුකයෙන් වාඩි වී ඉදිරිය බලා සිටින ආකාරයෙනි. එහි පා මැදින් ඇතුළට යායුතු අතර මුඛයෙන් ගර්භයට පිවිසිය යුතු ආකාරය  නිරූපිත වේ. පාදයේ ඇඟිලි  මගින් වැසුනු අයුරු නිරූපිතය. සිංහයාගේ කටින් රිංගන්නට එන සමතා කවරෙක්ද? කාශ්‍යප රජු සිංහයෙකුසේ තමා ගැන සිතීය. යුදයට ගියේ “මුඅල්ලාකම්” කියාය. පරාජය වන බව පෙනී ගිය තැන කඩුව ගෙන හිස සිඳගෙන කඩුව කොපුවෙහිද දමා ගත්තේය. ඔහුගේ සිතේ බලවත්කම මේවායින් පෙනේ. පසු කාලය වන විට  ප්‍රදේශයම සීගිරි නමින් ප්‍රකට වූයේය. සීගිරියට සමීපයෙන් ඇති වියවුල්පත ලිපියක සිහිගිරි බිම්  ප්‍රදේශයේ පිහිටි සාගුණා පන්සල නම් ආරාමයක් ගැන සඳහන්වේ.

අසිග්ගාහක සංඝතිස්ස (607-608) රජු දළ මුගලන් (608-614) රජුට පැරදී රුහුණට පලා යද්දී මුගලන් රජුගේ සේනාවට අසු වී රජුගේ නියමයෙන් සීගිරියට ගෙන ගොස්, රජු පුතා හා සෙනෙවියා යන තිදෙනාම එහිදී මරණයට පත් කළේය.
දළමුගලන් (608-614) රජුද ශිලාමේඝ (614-623) රජු සමග සටන් වැද පැරදී පලායන විට සීගිරියේදී මැරුම් කෑවේය. අනෙක් අතට මහාචාර්ය  සෙනරත් පරණවිතාන කාශ්‍යප රජු  ආලකමන්දාවේ කුවේරයා  මෙන් විසී යැයි පවසා තිබේ. එය ඒ මහතාගේ මතයක් නොවේ. මේ අදහස මහාවංසයේම දැක්වෙයි. එහි මෙසේ කියැවේ.

“දර්ශනීය වූද මනහර වූද දෙවන ආලකමන්දාව මෙන් රජගෙයක් එහි කරවා කුවේරයා මෙන් විසීය.”
සීගිරියේ චිත්‍ර ගැනද විවිධ අදහස් ප්‍රකාශ වී ඇත. පැහැපත් රූප රාජකුමාරිකාවන්, බිසොවුන් දැක්වෙතැයිද, කළු පැහැති රූප සේවිකාවන් දැක්වෙතැයිද, H.C.P.බෙල් මහතා කියයි. මේ චිත්‍රවලින් අප්සරාවන් දැක්වෙතැයි කුමාරස්වාමි මහතා පවසයි. කළුවන් රද මේඝලතාද, පැහැපත් රූප විජ්ජුලතාද, අර්ථවත් කෙරේ යැයි සෙනරත් පරණවිතාන මහතා කියයි.
සීගිරි කාශ්‍යප රජුට බොධි, උප්ලවන්නා නමින්  දියණිවරුන් දෙදෙනෙක් වූහ. රන්වන් පැහැය බෝධියටද, නිල්පැහැය මහනෙල්වලටද, ආරෝපණයවේ. මේ දියණියන්ගෙන් එක් අයකු රන්වන්ද අනෙක් දියණිය කාලවර්ණද වූ බව පෙනේ.  මේ නම් තබා ඇත්තේ ඒ අනුවය. සීගිරි වනන් අතර මේ දෙදෙනා නිරූපිත යැයි දැක්වීම  වඩා ප්‍රායෝගිකය. මේ දියණියන් දෙදෙනාට රජු බෙහෙවින් ආදරය කළ බවද පෙනේ. සීගිරි ග‍ලේ චිත්‍රයට නැංවීමෙන් අර්ථවත් කළේ මේ දූවරුන් දෙදෙනා මිස අන් කවරියකවත් නොවේ. ඉසුරුමුණිය  ප්‍රතිසංස්කරණය කළ කාශ්‍යප දූවරුන් දෙන්නාගේ නම්ද එයට තැබුවේ මේ දූහිතෘ ආදරය නිසාය.

සීගිරිය ගැන මේ කරුණු දැක්වූයේ අප නිවහල්ව සිතිය යුතු බවද පැවැසීම අවශ්‍ය බැවිනි. දැන් අපි සීගිරියේ සෙල්ලිපි  සොයා යමු. මෙහිදි අප සීගිරි ගී ගැන අවධානයට ගන්නේ නැත.

සීගිරිය කාශ්‍යප රජුගේ වාසභවනය වීමට පෙර එහි  ලෙන්වල භික්ෂුන් වාසය කරන ලද බව ඉහතින්  දක්වා ඇත. එයට සාධක ලෙස එහි ලෙන්වල  ඇති ලිපි දැක්විය හැකිය. ඒවා මෙසේය.

1. පරුමක කඩිය පුත ....
 ප්‍රමුඛ කඩිගේ පුත්‍ර
2. පරුමක තිරිපුත අඛික්ධය ලෙණෙ
ප්‍රමුඛ තිරිගේ පුත්‍ර අබික්ධිගේ ලෙණ (පුදන ලදී)
3. පරුමක නගුලිය ලෙණෙ
ප්‍රමුඛ නගුලිගේ ලෙණ (පුදන ලදී)
4. පරුමක තිහ පුත බමදතහ ලෙණෙ
ප්‍රමුඛ තිස්සගේ පුත්‍ර බ්‍රහ්මදත්තගේ ලෙණ (පුදන ලදී)
5. උපශක උතරශ ච උපශික තිශය ච ශදය ලෙණෙ
උත්තර උවසුගේද තිස්සා උවැසියගේද සම අයිති ලෙණ (පුදන ලදී)
6. උපශක උතරහ ලෙණෙ
උත්තර උවසුගේ ලෙණ (පුදන ලදී)
7. 1. අබල වාබර සලහ
2. ලෙණෙ වෙසාය තොසාච
සියඹලා වෙළඳ ව්‍යාපාරික සලගේ
ලෙණ වෛශ්‍යා  තොසා ගේද (පුදන ලදී)



Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks

More News »