දිඹුලාගල බිතු සිතුවමි කලාව

2017-09-01 10:24:00       517
feature-top
ලක්දිව යුග කාලීන පසුබිමේ පටන් සියලුම රාඡධානි යුගයන්හි මුදුන් මල් කඩක් ලෙස  සැලකෙන පුඡනික  පසුබිමකපිහිටි වර්ථමානයේ  දිඹුලාගල  යන නාමයෙන් විරුදාවලිය ලත් මෙම සෙනසුන වංශකතා සාහිත්‍යයේ විවිධාකාර නාමාවලියකින් මෙම ස්ථානය හදුන්වා දි තිබේ.උදුමිබර ගිරි විහාරය,ධුමරක්ඛ්ත, පබිබත විහාරය  යන නාමයෙන් වෙසෙසින් වැදගත් කොට සලකුණු ලැබේ.පොළොන්නරු යුගයේ දිප්තිමත් පුඡාභුමියක්  වු මෙම ස්ථානයේදි මෙම යුගයේ සනිටුහන් තබම්න් ඵකල විසු  සිතුවම් ශිල්පින්ගේ  දක්ෂතාවයන්  මුර්තිමත් කරමින්  සෞන්දර්යාත්මක හා බුද්ධ චරිතයේ  හා බෝසත් චරිතයේ  දැක්වෙන විවිධ අවස්ථාවන්  මෙම ස්ථානයේ පිහිටි  ගල්ලෙන් තුල බිතුසිතුවමි නිර්මාණය කොට තිබේ.පොළාන්නරුව සිට සැතපුමි 20කට පමන දුරකින්  නැගෙනහිර  පලාතට පිහිටි  මෙම ස්ථානය  මෑත යුගයේදි  දියුණුව කරා ගොඩ නැගුවේ අපවත් වි  වදාල  උතුරු නැගෙනහිර දෙදිශාවේ  ප්‍රධාන සංඝ නායක වු  අසරණ සරණ සිරි කස්සප මාතර කිතලගම සීලාලංකාර නායක හිමිපාණන් වහන්සේය. නාහිමියන්ගේ  මග පෙන්විම යටතේ  මෙම ස්ථානයේ  බොහෝ ‍පෞරානික බිතු සිතුවමි රාශියක්  ආරක්ෂා වි ඇත. දිඹුලාගල මාරාවිදිය හා පුල්ලිගොඩ  යන ලෙන් තුල බිතුසිතුවම් අද දක්නට පුලුවන.  ඵනමුත් මෙම මෙම සිතුවම් බොහෝමයක් මුල් යුගයේ සුරක්ශිත නොකල හෙයින් පොළොන්නරු යුගයේ ඇති වු  මාග ආක්‍රමණ නිසා ද්‍රවිඩ පිරිස් බොහෝමයක්  ගොමගා මකා දමා ඇත. එලෙසම  ස්වභාවික හා කෘමි සතුන්ගේ විපත්  නිසාද බොහෝ  සිතුවම් විනාශ මුඛයට ගමන් කොට ඇත.12වන සියවසේ මෙහි බිතු සිතුවම් නිර්මාණය කොට ඇත්තේ අඡන්තා ලෙනේ  සීගිරි ලෙන් වල  පවත්නා ආකර්ශණීය ලක්ෂණ  වලින් බව පුරාවිද්‍යාත්මක සාධක   හා බිතුසිතුවමි අධ්‍යනයෙන් හා  සංසන්දනයෙන් අවබෝධ විය. මෙම යුගයේ විහිදි ගිය ගුප්ත හා පල්ලව සමිප්‍රධායන් දෙකම භාවිතා කොට මෙහි සිතුවමි නිර්මානය වි ඇති බව මෙම චිත්‍ර අධ්‍යනයෙන් අපට පැහැදිලි වේ.

දිඹුලාගල පිහිටි සිතුවමි දෙකක්  දුරස්ථව  ගල්ලෙන් වල ඇද ඇති අතර මෙම ස්ථාන මාරාවිදිය හා පුල්ලිගොඩ යන නාමයෙන් හැදින්වේ. අවාසනාවකට මෙන් මෙම සිතුවම් ඇන්දේ කවුරුන්ද යන්න නම් සදහන් වි නොමැත.එනමුත් පෞරානික වශයෙන් වැදගත් කමි වලින් යුක්තව මෙම සිතුවමි  බෝහෝමයක් සුරක්ශිතව පවති. බිතු සිතුවමි වල අගය අවබෝධ කර ගැනීමට  ඵ් තුලින් එකල සන්නිවේදනය කෙබදුද යන්න අවබෝධ කර ගැනිමට පුළුවන. මාරා විදියේ සිතුවම් ඵක් ලෙනක ඇති නමුත් බිත්ති බැද වෙන් වෙන්ව  බිතු සිතුවමි  නිර්මාණය වි ඇත. බිතු සිතුවම් වලට පසුබිම් වි ඇත්තේ  ගල්ලෙනක් වන අතර  දේශීය වර්ණාලේප හා  ලෙන හුණු බදාමයකින්පළමුව  ඔප මටිටම්  කර ඇත.  මෙහි සිතුවම් ඇදීම  සදහා බාහිර රේඛ්ය ලක්ෂණ  භාවිතා කිරිමෙන් පසුව වර්ණා ලේපය තුලින් සිතුවම් නිර්මාණය ව් ඇති අතර පළමු  ගල්ලෙනෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුත් බුදු රුවක්  ආරුක්කුවක් යට  ආසනයක වැඩ සිටි.‍මෙවැනි පෞරානික බිතුසිතුවමි අද වන තෙක් පැවතීමද අප ලද භාග්‍යකී. ඵවැනි වටිනා දෑ රැකගැනීම ඔබගේද, මාගේද, වගකීමක් මෙන්ම යුතුකමක්ද වනු නොඅනුමානය.මෙවැනී මහගු වස්තුන් අනාගත පරපුර උදෙසා රැකගනිමු.

danuma.lk


More News »