වළගම්බා රජ සමයට නෑකම් කියන
අඹන්ඔලුව රජමහා විහාරය...

2017-08-08 10:44:00       517
feature-top
කුරුවිට කෝරලේ උඩපත්තුවේ මෝරගල ග්‍රාමසේවා වසමේ අඹන්ඔලුව කන්දේ ගල්ලෙනක පුරාණ විහාරයකි.

කඳුගැටය මධ්‍යයේ අඩි 45 - 50 ක්‌ පමණ උස සමසේ පොළොව මත නොපිහිටි ගල් ලෙනකි. මෙම ලෙන අඩි 35 ක්‌ පමණ උස ලෙන් කුහරය අඩි 30 ක්‌ පමණ දිග, අඩි 20 ක්‌ පමණ පළල කුහරයකි.

මෙහි කටාරම් කොටා ඇති නමුත් කලාත්මක භාවයෙන් තොර පොත්ගුල් විහාරය කූරගල බටකොඹ ලෙන හා බටතොට ලෙනහි කටාරම්වලට සමකල නොහැකිය. වළගම්බා රජ සමයේ ඉදි වූ ලෙන් තුළ වූ කටාරම්වලට සමාන වුවත් එය එතරම් පැහදිලි නොමැත. මෑත කාලයේ සැකසු ස්‌වරූපයක ලක්‌ෂණ ඇත. මෙය පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන් තුළද සැකයක්‌ මතුව තිබෙන බැව් ප්‍රදේශ භාර නිලධාරියා වරෙක මා සමග පවසා ඇත.

ලෙන තුළ සැතපෙන බුදුපිළිමය උඩ ගලහි මහනුවර සමයේ චිත්‍ර වැලකි. එය කිහිප විටක සකසා ඇති බැව් පෙනේ.

බුදුපිළිමයද මැටියෙන් කළ නිර්මාණයකී. සායම් ආලේප කර සකසා ඇති බැව් පුරාවිද්‍යා නිලධාරීන් පවසයි. බුදුපිළිමය වටා ඇඳි බුදුරැස්‌ වළල්ල රේඛා චිත්‍ර ක්‍රමයකි.

කුටියට පිවිසෙන දොරටුව අසල බිත්තියේ කොණ්‌ඩ බැඳි කඩුවක්‌ අතින් ගත් හේවායෙක්‌ සහ ගිණි අවියක්‌ අතින් ගත් හේවායෙකි.

මහනුවර සමයට අයත් චිත්‍ර ඇති බැවින් සිතාවක රාජ්‍ය සමයේ පිළිසකර කළ ආකාරයක්‌ උසුලයි. දොරටුව සමීපයේ බලි රූපයක්‌ද තිබේ.

වළගම්බා රජ සමයේ ඉදි වූ ලෙන තුළ සිතාවක රාජ්‍ය සමයේ පිළිමය හා චිත්‍ර ඇඳි බවට ද සැකයකි.

ඇහැළියගොඩ නගර මධ්‍යයේ පිහිටි මදරාසිංහාරාමයේ ඇඳි මහනුවර සමයේ චිත්‍රවලට සමානකමක්‌ අඹන්මලුව රජමහා විහාර චිත්‍ර වලද ඇත.

ඇහැළියගොඩ මදරාසිංහාරාමයේ පැරණි චිත්‍ර කොටස සහ අඹන්ඔලුව ලෙන් විහාරයේ චිත්‍ර කුටිය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවරණය මධ්‍යයේ ආරක්‌ෂා වෙමින් පවති.


අඹන්ඔලුව රජමහා විහාරය නම් වූ මේ පින්බර භූමිය බඹරකොටුවේ වාසල මුදළිගෙ දුම්බර රාජකරුණා මහ අධිකාරම් නිළමේ තුමාගේ අත්සනින් ක්‍රි. ව. 1802 දී අංක 865 දරණ සන්නස්‌ පත්‍රය පූජ්‍යපාද හපුqවිට රතනජෝති හිමිපානන්ට පූජා කරන ලද්දකි. එම කාලයේ මෙහි පූජ්‍යපාද උඹයාලේ ගුණරත්න ස්‌වාමින් වහන්සේ වැඩවිසූ බැව් සඳහන් වේ.

ගෞරව පූජ්‍යපාද රතනජෝති හිමියන්ගෙන් පසු මොරතොට ධම්මක්‌නන්ද ස්‌වාමින් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවේ හිමි නමකි.

ශිෂ්‍ය ශිෂ්‍යානු පරම්පරාවෙන් 1910 සිට 1964 දක්‌වා කාලය තුළ පූජ්‍යපාද පරුස්‌සැල්ලේ විමලතිස්‌ස හිමිපාණෝ මෙහි විහාරාධිපති ධුරයට පත්විය.

උන්වහන්සේගෙ කාලයේ මෙහි නව නිර්මාණ නොහොත් ඉදිකිරීම් කිසිවක්‌ කළ බවක්‌ දක්‌නට සඳහන් නොවේ. මෙහි පැරැණි පිවිසුම් දොරටුවෙහි කුලුණු පවා කඩා වැටුනි.

ආවාස ගෘහය සහ ධර්මශාලාව සිංහල උළු සෙවිලි කර තිබූ බවට වර්තමානයේ දක්‌නට ලැබෙන සිංහල උළු කැබලි සාක්‌ෂි දරයි.

සිංහල උළු සෙවිලි කළ ගොඩනැඟිල්ලකට රට උළු සෙවිලි කර තිබේ. පැරැණි සිංහල උළු කැබලි අතර පීලි රහිත උළු කැටද කිහිපයක්‌ දක්‌නට ලැබුණි. එම උළු 1832 දී සෙවිලි කළ උළු විය හැකිය.

මේ පැරැණි නටඹුන් ආශ්‍රයෙන් 1800 - 1900 දක්‌වා කාලය තුළ යම්කිසි දියුණුවක්‌ තිබූ බැව් පැහැදිලි වේ. මෙහි මාගල්හි නිර්මාණය කළ දේව රූපය කැඩී බිදී ගිය කොටස්‌ හමුවිය.

මේ අතර දේවරූප හා නයිපෙන රූප සටහන් ගල් කැබැල්ලක්‌ ද සුරක්‌ෂිතව තබා ආරක්‌ෂා වෙමින් පවතී. වාමන රූප අතර නයිපෙන රූප හතක කොටස්‌ කැබලිද දක්‌නට ඇත. කැඩී ගිය දේව රූපයෙහි ආභරණ පැළඳි වමතින් පුන්කලසක්‌ දරා සිටින රූපයක කොටසක්‌ තිබේ.

පූජ්‍ය හරැස්‌සැල්ලේ නායක හිමියන්ගේ ඇවෑමෙන්a පූජ්‍ය ඉද්දමල්ගොඩ විපුලතිස්‌ස ස්‌වාමින් වහන්සේට විහාරාධිපති ධුරය හිමිවිය. උන්වහන්සේගෙන් පසු රත්නපුර දිසාවේ ද්විතීය අධිකරණ සංඝනායක ගෞරව පූජ්‍යපාද පන්නිල ධම්මතිලක ස්‌වාමින් වහන්සේ විහාරාධිපති ධුරයට පත්විය.

ධම්මතිලක ස්‌වාමින් වහන්සේගේ අභාවයින් පසු විහාර භාරකාරාදී ධුරයේ වැඩවිසූ ගෞරව පූජ්‍යපාද හත්තපිටියේ පියදස්‌සි ස්‌වාමින් වහන්සේ මෙහි අධිපති ධුරයට පත්විය.

වර්තමානයේ විහාරාධිපති ධුරය දරන ගෞරව පූජ්‍ය පාද හත්තපිටියේ පියදස්‌සි ස්‌වාමින් වහන්සේ අප සමඟ මෙලෙස පැවසූහ.

''මාගේ ගුරු ස්‌වාමින් වහන්සේ මට පැවරුවේ විශාල කැලයකින් යුක්‌ත රජමහා විහාරයකි. විහාර මලුවට පැමිණිය යුතු ගමන් මාර්ගයක්‌ද සැකසී නොතිබුණි. ආවාසයක්‌ද නොතිබූ ආවාසය දැඩි අබලන් තත්ත්වයේ වූ කඩා වැටෙන්න තිබූ ස්‌ථානයකී. ප්‍රථමයෙන් ආවාසය සමඟ දාන ශාලාවක්‌ ඉදිකර ගත්තේ දායකයන්ගේ සහ අසල්වැසි පරිත්‍යාගශීලි පින්වතුන්ගේ ආධාරයෙන්.

ධර්මශාලාව සඳහා ටකරන් සෙවිලි කළ කුඩා ශාලාවක්‌ ඉදිකරගෙන සතර පොහොයට සැදැහැවතුන්ට ශිල් සමාදන් වීමට සුදුසු පරිසරයක්‌ ඇති කළ. වර්තමානයේ ද එම ධර්ම ශාලාව එලෙසම තියෙනවා.

මාගේ ගුරු දේවයන් වහන්සේ වස්‌ වැස්‌සවීම අදහස්‌ කරගෙන ආවාසයක්‌ නිර්මාණය කරගෙන යන අතර ගුරු මියන්ගේ අපවත් වීම නිසා එය නවතා දැමීමට අදහස්‌ කර විහාරයට අවශ්‍ය අංක එකින් එක ඉදිකිරීම් ආරම්භ කළේය.''

විහාර මන්දිරය ප්‍රතිසංස්‌කරණ කර ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් විහාර මන්දිරය තුළ පිඟන් ගඩොල් අතුරා සැතපෙන බුදුපිළිමයක්‌ නෙලා එහි වැඩ කටයුතු කරගෙන යයි.

මේ සෑම අවස්‌ථාවකදීම දායක මහතුන් සමඟ ගමේ තරුණ පිරිසගේ නොමසුරු උපකාරය නිසා අධික වියදමින් මිදීමට අවස්‌ථාව උදා වූ බැව් ද විහාරාධිපති හිමියෝ පැවසූහ.

විහාරස්‌ථානයට අවශ්‍ය අංගයක්‌ ලෙස තිබූ බෝධීන් වහන්සේ නමක්‌ රෝපණය කිරීමට හැකිවිය. නමුත් එහිද අත්‍යවශ්‍ය අංග සපුරා ගැනීම නොහිත වූ බැවින් අතරමග තාවකාලික නවතා දැමීමට සිදුවිය. විහාරස්‌ථානයට අංගසම්පූර්ණ වීමට චෛත්‍යයක්‌ අත්‍යවශ්‍ය බැව් විහාරාධිපති හිමියෝ පැවසූහ. මෙහි අඩුපාඩු සපුරාලීමට සකල ලංකා වාසී බෞද්ධ ජනතාවගේ සහ පරිත්‍යාගශීලී ධනවත් පින්වතුන්ගේ නොමසුරු ආධාර උපකාර අපේක්‌ෂා කරන බැව් අපහට පැවසූහ.

 

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »