කිතුල්ගල බෙලි ලෙන

2017-07-28 10:51:00       517
feature-top
මෙවර චාරිකාව තුළින් ඔබ රැගෙන යාමට බලාපොරොත්තු වන්නේ ප‍්‍රාග්, ඓතිහාසික යුගයේ වසර 32000 ක් තරම් ඈත අතීතයක් වෙතයි. එවන් ඈත අතීතයක් ඇති ස්ථානයක වන පරිනාමයේ විකාශනය විසි එක්වන සියවසේ ජීවත් වන අපට අත් දකින්නටත්, එම පරිසරයේ මිහිර විඳ ගන්නටත් හැකියාව ලබන මෙම චාරිකාව වෙනත් චාරිකාවන්ට වඩා සුවිශේෂිකත්වයක් උසුලයි. එයට හේතුව නම් මෙම චාරිකාව මඟින් ඔබට අත් විඳින්නට හැකි වන්නේ තවත් ප‍්‍රාග් ඓතිහාසික යුගයක නටඹුන් හෝ නෂ්ඨාවශේෂ පමණක් නොවන නිසාය.මානව පරිණාමයේ ආදී මානවයා පිළිබඳ සටහන් පරිශීලනයේදී මානවයාගේ වාස භූමියක්ව පැවති කිතුල්ගල බෙලි ලෙන පිළිබඳව වූ විස්තර විවිධ මාධ්‍ය මගින් ඔබට දැන ගැනීමට ලැබී ඇතැයි මම සිතමි.එක් දිනයක් තුළ දිය ඇළි දෙකක් නරඹා පරිසරයේ සුව විඳ ගනිමින් අපගේ ජීවිතයට අමතක නොවන අධ්‍යාපනික සටහන් ද තබන බෙලි ලෙන නැරඹුමට ඔබ පැමිණිය යුත්තේ කිතුල්ගල වත්ත හරහා වූ මහබාගේ මාර්ගය ඔස්සේ ය. බෙලි ලෙන නරඹා පසුව මහබාගේ ග‍්‍රාමයේ වූ සඳුන් ඇල්ලද ඔබට නැරඹීමට මෙම චාරිකාව තුළින් හැකි වෙයි.

ගමන් මාර්ගයහැටන් - කොළඹ මාර්ගයේ කිතුල්ගල නගරය පසුකර කි. මී. 1/2 ක තරම් දුර පැමිණි විට කිතුල්ගල වත්තට හැරෙන මාර්ගය හමු වෙනු ඇත. එම හැරෙන ස්ථානයේ බෙලි ලෙස පිළිබඳව විශාල පුවරුවක් දැක ගත හැකි වන අතර එම ස්ථානයෙන් කිතුල්ගල වත්තට හැරෙන මාර්ගය ඔස්සේ කි. මි. 4 ක් දුරක් පැමිණ විට කිතුල්ගල සහකාර වතු අධිකාරිවරයාගේ නිවසටත්, බෙලි ලෙනටත් ඉං ඔය දෙමළ විද්‍යාලයටත් හැරෙන මාර්ගය හමු වෙනු ඇත. එම අතුරු මාර්ගය ඔස්සේ කි. මි. 1/2 ක් තරම් දුරක් පැමිණි විට ඉං ඔය දෙමළ විද්‍යාලය හමු වනු ඇත. එම විද්‍යාලයට මඳ දුරක් ඈතින් ඔබ පැමිණි රථය නවතා ගුරු පාර ඔස්සේ කි. මි. 1/2 ක් පමණ දුරක් බෙලිලෙන දක්වා ළඟා වීමට පයින් ගමන් කළ යුතු වෙයි.අප මෙතෙක් දුර රබර් වතු හා තේ වතු පසු කරමින් පැමිණි ගමනට වඩා නැවුම් සිසිලසකින් අප සිතත් ගතත් වෙලා ගෙනයි. විඩාව සං සිඳවා ගැනීමට වූ සිසිල් දිය කඩිති අපගේ දෑත් දොවා ගනිමින් පැන් පොදක් බොන්නට ඇරයුම් කරන්නාක් මෙන් ගුරු පාර සමීපයේම පිහිටයි. කිතුල්ගල වන රක්‍ෂිතයට අයත් සීමාව තුළ පිහිටි මෙම ලෙන දක්වා වූ ගමන් මඟ විවිධ වර්ගයේ තුරු ලතාවන්ගෙන් සෙවණ සදමින් අපගේ ගමනට උඩු වියන් බඳියි.ලෙනට සමීපව වු ගල් පඩි පෙළ අද්දර කුඩා පැල්පත තුළ සිටි වයෝවෘද්ධ පුද්ගලයකු ඔබ එහි ළඟා වු සැනින් පිළි ගැනීමට පැමිණෙනු ඇත. නමින් අප්පුහාමි වන ඔහු මෙම ලෙන ආරක්‍ෂා කර ගැනීම සඳහා යෙද වු සේවකයෙකි.

වසර 25 ක් තරම් දීර්ඝ කාලයක් මෙම ලෙන අසළ වූ පැල්පතේ ජීවත් වෙමින් මෙහි පැමිණෙන සංචාරකයන්ට මග පෙන්වන අප්පුහාමි මහතාත් ඔහුගේ පවුලේ සැමත් තම ජීවිකාව ගෙන යන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලැබෙන සුලු දීමනාවත්, සංචාරකයන් ලබා දෙන සහයෝගත් ආධාරයත් මඟාන්ය.අප ලෙන තුළට ඇතුලු වන ස්ථානයේ ම අප පා දොවා පිළිගන්නට මෙන් ගලා හැලෙන සීත දිය කඳ ලෙන පිහිටි ගල් ශිඛරයේ මුදුනේ සිට ගලා හැලෙයි. මල් වැස්සක් වැටෙන්නාක් මෙන් එක් වරම පහළට ගලා හැලෙන මෙම දිය බින්දු මොහොතකින් සුළඟත් සමඟ මුසු වී ලෙන් දොරින් ඈතට විහිදී යයි.ලෙන් විහාරයක වූ සිත නිවන අඳුරු ගතිය ලෙන පුරා පැතිරෙයි. ලෙන මැද කැනීම් කළ ස්ථාන අසළ වු බෙලි කටු ආදී මානවයාගේ අහාරය වූ බෙල්ලන්ගේ කටු කැබලි බව මැනවින් පෙන්නුම් කරන අතර ඒවා ලෙන පුරා බිම තැනින් තැන දක්නට ලැබෙයි.මෙම බෙලි කටු සිහිවටනයක් ලෙස බොහෝ සංචාරකයන් ගෙන යාමට පුරුදු වීම නිසා මෙහි වු විශාල බෙලිකටු ප‍්‍රමාණයක් දැනට දකින්නට නැති බව අප්පුහාමි මහතා අපට පැවසූ කරුණකි.

බෙලිලෙන දිය ඇල්ලලෙන් තුළ වූ අඳුර බිඳලමින් ලෙනට මදක් ඔබ්බෙන් ඉහළ ලෙන් කුටිය ඉස්මත්තේ සිට ගලා හැලෙන්නේ බෙලිලෙන් දිය ඇල්ලයි. මෙම දිය ඇල්ල ලෙන ඉදිරි පස වු ගල් තලාව මතට වැටෙමින් විළඳ පොරි ඉසින්නාක් මෙන් විහිදී යන්නේ මිහිරි තත් ස්වරයක මන්ද ස්වරයෙන් වැයෙන වීණාවක ධ්වනිය දසත පතුරුවමිනි. අඩි 50 ක් තරම් උසක සිට ගලා හැලෙන මෙම සිසිල් දිය කඳ මතින් වැටෙනා දිය බිඳක් ඔබ ගත දොවා ගැනීමට නොසිතුනා නම් එය පුදුම විය යුත්තකි.දිය පහර වැටෙනා ගල් තලාව මත දසත විහිදී යන දිය කැටි මොහොතින් පහළට ඇද වැටෙයි.මෙම චමත්කාර දසුන පිළිබඳව වචනයෙන් විස්තර කර නොහැකි තරම් අමුතුම ප‍්‍රබොධයක් අප ගතට ළඟා කරයි.මෙහි වූ එම අපූර්වත්වයේ මිහිරියාව විඳගත් ඔබ මීළඟ ස්ථානය වන සඳුන් අරණක වූ ’සඳුන් ඇල්ල’ වෙත කැඳවාගෙන යන්නට ද ඉදිරියේදී මම බලාපොරොත්තු වෙමි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »