රිදීවිහාරය

2017-03-27 11:44:00       829
feature-top
සහලින් පෝෂණය වන වැව් බැදී රාජ්‍යයේ තවත් වන්දනීය පින්බිමක් ලෙස රිදී විහාර පුජා භුමිය හැදින විය හැක. උඩරට පිහිටි රජමහා විහාර අතුරින් කීර්තිමත් නාමයක් මෙම විහාරයට හිමිවිය.මිහිදු හිමිගේ ලක්දිවට වැඩම කරවන ලද කාලය තරම් පැරණි පුදබිමක් ලෙස හැදින්විය හැකිය. එනම් ක්‍රිස්තුස් වහන්සේ උපදින්නටත් අවුරුදු දෙසීයක් පමණ ඉහතදී ලියනලද බ්‍රාහ්මි අක්ෂර මෙහි ඇති ලෙන් තුලින් හමුවී ඇත.


වැදගත් සාධක  
මහ විහාරගෙට ඉහළින් තියනේ උඩ විහාරයයි. අප අද කතා කරන පිළිම වහන්සේ වැඩ සිටින්නේ මේ උඩ විහාරගෙය තුලයි. මෙමෙ පිළිම වහන්සේ රියන් දොලසක් උස බව පත පොතෙහි සදහන් වෙයි. මහනුවර යුගයේ නිර්මාණ යන්ගේ අභාෂය හිමිව ඇත. ඉතිහාසයෙන් අපට හිමි කරන ලද තවත් වටිනා දායාදයකි.

ඉරියව්ව :- හිදී පිළිමය
මුද්‍රාව :- සමාධි මුද්‍රාව
ආසනය :- විරසනය
උස :- රියන් 12 ක් පමණ
අමුද්‍රව්‍ය :- හුණු ගල් මිශ්‍රිත මැටි බදාම


වෙනත් කරුණු
විචාරකයින්ගේ මතය අනුව ලංකාවේ ප්‍රසිද්ධම මකර තොරණ පිහිටා ඇත්තේ මෙම ස්ථානයේය. මෙම තොරණ සාමාන්‍ය සම්ප්‍රධායට වෙනස්ව නිර්මාණය කර ඇත.මකර මුහුණු දෙකක් දෙපැත්තට ඉදි කර ඇත. ඊට උඩින් නොයෙක් දෙවි වරුන්ගේ රුප සහ දේවාරක්ෂාව සලසන්නට මේ රුප මකර තොරණ තුල නිර්මාණය කරන්න ඇත.

සමාන වෙනත් පිළිම
වරකා වැළදු විහාරය

budupilima.com


More News »