උත්තරාමයේ පිරිණිවන් පිළිමය

2017-03-24 10:44:00       829
feature-top
පොළොන්නරු යුගයේ අද්විතීය නිර්මාණයන් අතරට වැදගත් ස්ථානයක් ගෙනෙන්නේ උත්තරාරාමයේ පිරිණිවන් පිළිම වහන්සේය. යෝධ ගල් කුළකින් පිළිම වහන්සේලා කිහිප නමක් නිර්මාණය කරමින් අනාගතය වෙත නොමැකෙන මතකයන් ඉතිරි කර ඇත.මෙයයි අපේ කලාවෙන් පෝෂණය වන බුදු දහම කීවොත් නිවැරදියි.

වැදගත් සාධක

මෙම පිළිම වහන්සේ දිග අඩි46 කි.ඒකාංශ පාරුපන්යෙන් චිවරය නිර්මාණය කරමින්, මානාව පිරිණිවන් පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. මෙය ආබද්ධ පිළිමයකි. පොළොන්නරු යුගයේ අති දැවැන්ත නිර්මාණයක් ලෙස ගල් විහාරයේ මෙම පිළිම වහන්සේ හැදින්විය හැක. පසු පසින් නිර්මාණය කර ඇති කැටයම තුලින් අලංකාරයක් එක් කර ඇත. උත්තරාමය හෙවත් ගල් විහාරය පැරකුම්බා රජු විසින් කරවන ලද්දකි.

ඉරියව්ව :- පරිනිර්වාණ පිළිම වහන්සේ
ආසනය :- පිරිණිවන් මංචකය
අමුද්‍රව්‍ය :- කළු ගලෙන්
වෙනත් කරුණු
කලකදී පියස්සක් ඇතුවද නැතුවද නොසැලෙන කළු ගලක් මත මවනා බුදු ගුණයන් විනාශ කිරීමට මේ පියස්ස හේතු වනු ඇත. බල ලොබින් විසින් වවාගෙන කෑම සදහා මෙම පියස්ස උපයෝගී කර ගනී. මෙම පිළිමවහන්සේ වෙත වෙඩි පහරක් එල්ල කිරීම නිසා අතේ ගල් පතුරු කැබැල්ලක් ගැලවී ඇත.

danuma.lk


More News »