පාහියන් ලෙනේ චමත්කාරය

2017-03-21 10:16:00       829
feature-top
මෙරට පිහිටි ස්වාභාවික ගල්ලෙන් අතර පාහියංගල ලෙන ප‍්‍රධානම එක බවට වාදයක් නැත. මාතලේ අළු ලෙන ගත්තත්, දඹුළු ලෙන ගත්තත්, කුරුණෑගල වාරියපොළ කබල්ලෑ ලෙන ගත්තත්, රුහුණේ මුල්කිරිගල ලෙන ගත්තත් පාහියංගල තරම් සුවිශේෂත්වයක්, පාහිංයගල තරම් ඉතිහාසයක් එම ලෙන්වලට නැත. වසර 3700 ක පමණ ඈත ඉතිහාසයක් මෙම ගල්ලෙනට තිබේ.මෙම ඓතිහාසික ස්ථානය පිහිටියේ කළුතර දිස්ති‍්‍රක්කයේය. නැගෙනහිර පස්යොදුන් කෝරළයේ යටිගම්පිටිය ග‍්‍රාමයේ පිහිටි මෙම ස්වාභාවික ලෙන පස්යොදුන් හා කුකුළු යන දෙකෝරළ මායිමේ පිහිටා ඇත. යටිගම්පිටිය ඇත්තේ බුලත්සිංහල නගරයට කිලෝ මීටර 05 ක් පමණ දුරිනි.මෙම ගල්ලෙන පාහියංගල ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඒ ගැන සොයා බැලූවිට ඒ හා සම්බන්ධ මත කීපයක් ඇති බව දැනගන්නට ලැබිණ. පාහියං ලෙන හා විහාරස්ථානය ආශ‍්‍රිත ජනප‍්‍රවාද ඒ විශ්වාස මත පදනම්ව ඒව මත ගොඩනැගී ඇත.

පාහියන් භික්ෂුවඑක මතයකට අනුව සුපුකට දේශගවේෂකයකු හා ධර්ම ගවේෂකයකු වූ චීන ජාතික”පාහියන්” භික්ෂුව මෙරටට පැමිණ ඇත. ඒ කි‍්‍ර. ව. 5 වන සියවසේය. අනුරාධපුරය රජකළ මහානාම රජු දවසය.මෙරටට පැමිණි පාහියන් භික්ෂුව නිතර නිතර ඓතිහාසික ස්ථාන වැද පුදා ගත්තේය. බුදුන්ගේ පාද ස්පර්ශයෙන් පිදුම් ලැබු ශ‍්‍රීපාදය වඳින්නට ගියේය. ඒ ගියේ මේ අසළින් ඇති මාර්ගයෙන්ලු. ඒ යන අතර තුර දින කීපයක් මේ ගල්ලෙන තුළ ගිමන් හැරියේලු. ඒ නිසා පාහියං භික්ෂුව නවාතැන් ගෙන සිටි මේ ගල්ලෙන “පාහියංගල” වූ බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.තවත් මතයකට අනුව දිස්ති‍්‍රක්ක දෙකක් පෑහෙන ගල (යාවන ගල; කල්යත්ම පාහියංගල ලෙස ව්‍යවහාරයට එක් වී ඇත. ඈත අතීතය පටන් ගල් පතුරු ගැළවී වැටීමෙන් දිනෙන් දින මෙම ගල් කුහරය පෑහීමකට ලක්ව ඇත. ඒ අරුතින් “පාහියංගල” යන නම මෙම ස්වාභාවික ගල් ලෙනට ලැබුණු බව තවත් මතයක් ද ජනප‍්‍රවාදයෙහි කියවේ.කෙස ේ වුවද පාහිංයගල අවට සුන්දරත්වය වචනයෙන් විස්තර කළ නොහැකිය. එය එතරම්ම මනරම්ය. නා රජමුහදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ උසකින් මෙම ගල්ලෙන පිහිටා ඇත. පාහියංගල ලෙන් කුහරය අඩි 150 ක් උසින්ද, අඩි 170 ක් පළලින්ද යුතු කවාකාර එකකි. මේ ගල් පර්වතයේ උස අඩි 468 ක් බවටද ගණන් බලා ඇත. මෙම ලෙනට පිවිසෙන තැන ඇති විවරය නාග රකුසෙකුසේ පෙණය පරිද්දෙන් දිස් වීමද අපූර්වත්වයකි.‍පාහියන්ගල ගල් ලෙනේ එක් කොනක කුඩා ගල් ගුහාවක්ද තිබේ. මීට සියවස් ගණනාවකට පෙර එම ගල් ගුහාවේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ සිටි බවද කියවේ. කෙසේ වුවද මෙම ගල් ගුහාවට ඇතුළුවිමට දැන් අවසර නැත.මෙම ගල් කුල මැද ඇති තවත් ගල් ලෙන් දෙකක මීට කලකට පෙර යෝධ කුරුළු වර්ගයක් වාසය කර ඇති බව දැනගන්නට ලැබුණි. එම කුරුල්ලන් රාතී‍්‍ර 4.00 ට පමණ අවදිව ලෙනෙන් පිටව යාමට පෙර නඟන අත්තටු හඬ තම ගම්මානයට ඇසුණ බවද ගම්මු පවසති. දිනක් මෙම යෝධ පක්ෂියෙකු ලෙනට පහළින් වැටී සිටියදී දකින්නට ලැබිණි. උංගේ අත්තටුවක දිග අඩි 07 ක් පමණවිය. ගම්මුන් විශ්වාස කරන්නේ මේ යෝධ කුරුළු වර්ගය රාජාලීන් විය හැකි බවයි.

යෝධ කුරුලුකෙසේ වුවත් කලයත්ම එම කුරුළු වර්ගය දැක ගත නොහැකි වු බව ගම්වැසියෝ පවසති. බොහෝ විට උණ වඳවී යන්නට ඇති.පාහියන්ගල ගල් ලෙනෙහි පුරා විද්‍යා කැණීම් සිදු කෙරුණේ 1986 හා 1987 වර්ෂවල ය. ඉතිහාසයේ තවත් අ¼ඳුරු යුගයක් ගැන මූලාශ‍්‍ර සපයමින් එම කැණීම් හරහා මතුවී ආවේ වසර 3700 ක පමණ ඈත කාලයකට දිවයන ඉතිහාසයකි. මෙම කාල නිර්ණය නිවැරදි දැයි දැන ගැනීම සඳහා කාබන් 14 විද්‍යාත්මක වාර්තා ක‍්‍රමයද උපයෝගී කරගෙන ඇත.හෙළි වූ ඉතිහාසයට අනුව පාහියන්ගල ජනාවාස වි තිබෙන්නේ අධික තෙත් කාල සීමාවක ය. වර්ෂාවෙන් බේරෙන්නට මෙම ගල් ලෙන ආවරණයක් වූ සේය.එදා මෙම ගල් ලෙන මළවුන් ඇඳහිමේ මධ්‍යස්ථානයක් වී තිබේ. පහියංගල මානවයා හිස් කබල් ලෙන තුළම තැන්පත් කරගෙන මළවුන් ඇඳහිම් කර ඇතැයිද පැවසේ. ඒ තොරතුරු කියාපාන්නේ මෙම මානවයා අධ්‍යාත්මික අංශයට දැඩි නැඹුරුවක්දැක්වූ බවයි. එපමණක් ද නොව මෙම මානවයා ගින්දර භාවිතා කළ බවදට සාධක තිබේ. බොහෝ සෙයින් චීනයේ “පීංකි” මානවයාට සමාන කම් දක්වන මෙම පාහියංගල මානවයා නොදියුණු ම්ලේච්ඡ ගොති‍්‍රකයන් ලෙස සිතීම අපහසුු ය.පාහියංගල කරන ලද කැනිම්වලදී ගල් ආයුධ හා ඇඹරුම් ගල්, බෙහෙත් ඖෂධ සඳහා යොදාගත් දෑ, ශරිර වර්ණ ගල්වන ලද ගල් ආදියද හමු විය. එයින් කියවෙන්නේ මෙම මානවයා මෙවලම් භාවිතය අතින් ඉතා දියුණු තැනක සිටි බවය. ශරීර අලංකාරය සඳහාද සිත යොමු කර ඇති බවය. තවද මෙම මානවයා ගල් අවි තාක්ෂණයේ දියුණුම අවිය වන ක්‍ෂුද්‍ර ගල් මෙවලම් භාවිතා කර ඇත. විවිධ ඡ්‍යාමිත හැඩයෙන් යුක්ත ඒවා මිලි මීටර් 0.05 කට වේ. එසේම ඇඹරුම් ගෑ , සත්ත්ව අටකටු වලින් තැනූූආයුධද මොවුන් භාවිතා කර ඇත.

අපූරු ආහාරමෙම මානවයා මාංශ භක්ෂක ය. ආහාර වේලද අපූරු එකකි. ආහාරයේ වැඩිම ප‍්‍රමාණය වඳුරු මසින් යුක්තය. මුව, උණහපුළු, ඉත්තෑ, කබල්ලෑ හා වඳුරු මිසින්ද ආහාරය සමන්විත ය.කෙසේ වුවද ශාඛමය ද්‍රව්‍ය සමහරක්ද ආහාරයට ගෙන ඇත. වල් දෙල් ඇට හා කැකුණ ඇට ඒ අතර ප‍්‍රධාන වේ. සිහින් කැබලිවලට කැපූ මිනිස් අස්ථි, පිළිස්සුණු හිස් කබල කොටස් සහ ඇඟිලි පුරුක් ආදියද හමුවී ඇති අතර මොවුන් මිනිමස් ආහාරයට ගත්තේද යන බරපතල සැකයක්ද මතු වී තිබේ. ලංකාවට ආවේනික ACAVUS නම් ගොළු බෙලි වර්ගයේ අර්ධ පොසිලමය කවචද මෙහි තිබී හමුවී ඇත. පුරා විද්‍යා ගවේෂකයන්ට මුහුදු බෙලි කවචද මෙහි තිබී හමු වී ඇති අතර මෙම මානවයා මුහුදෙන් ද ප‍්‍රයෝජනය ගෙන ඇතැයි ඒ අනුව නිගමනය වී තිබේ.මෑතකදී මෙහි කරන ලද කැණීම් වලදී කපා නිමකළ උළුවහු දෙකක් හමුවී ඇත. ඒ මෙම ලෙන තුළ ඇති නිරුපද්‍රිත ඉපැරණි පුරා වස්තුවකි. තවද ගල් කැපූ, ආයුධ, පාහියන් භික්ෂුව පරිහරණය කළ චීන මැටි බඳුන්ද මෙහි තිබි හමුවිය. තවත් පුරාවස්තු ගල් තට්ටු අතරේ අඩි ගණන් යට සැඟවී ඇතැයි විශ්වාස කෙරේ.හෙළිවී ඇති තොරතුරු අනුව මේ පාහියංගල මානවයාගේ ස්වභාවයද විස්මිත ය. මේ මානවයාගේ පිරිමින් උසින් සෙන්ටි මීටර් 174 ක් පමණ විය. ගැහැණිය සෙන්ටි මීටර් 166 කි. උසේ ප‍්‍රමාණයට වඩා කොඳු ඇටපෙළ කෙටි මෙම මානවයාගේ හිස් කබලේ අස්ථි ගණකමින් යුතුය.පාහියංගල අවට ඇති පරිසරය ගැනද සටහනක් නොතැබුවහොත් එය මේ සටහන අසම්පුර්ණ කරනු ඇත. අවට ඇති ගස් කොළන් දක්වන්නේ සොඳුරු වන බිමක අවට ඇති වෙල් යායවල් සිසාරා හමා එන මඳ සුළඟ ගතට සිතට දනවන්නේ මහත් සුවයකි.මෙරට ඉතිහාසය හදාරන්නන් හා පරිසර ලෝලීන් විශාල පිරිසක් මෙම පාහියංගල නරඹන්නට පැමිණෙන බව දැනගන්්නට ලැබුණි. ඒ අයගේ ප‍්‍රයෝජනය සඳහා සැළසුම් කර ඇති කෞතුකාගාරය හා සෙල්ලිපි ලියා තැබීමේ වැඩපිළිවෙල මතු පරපුර වෙනුවෙන්ද අතිශය වැදගත් වනු ඇත. සැබවින්ම පාහියංගල වැනි ඓතිහාසික ස්ථාන කියාපාන්නේ අපේ ඒ අතීත ශ‍්‍රි විභූතිය නොවේද?

danuma.lk



More News »