මහ විජයබාහු රජතුමාගේ  පනාකඩුව තඹ සන්නස

2017-03-17 11:56:00       829
feature-top
අප රටේ දුටුගැමුණු රජතුමා වළගම්බා රජතුමා, මහසෙන්, ධාතුසේන, කාශ්‍යප, පරාක‍්‍රමබාහු, නිශ්ශංකමල්ල ආදී රජවරුන් පිළිබඳව අපට වංසකතාවල තොරතුරු හා ශිලා ලේඛන වලින්ද තොරතුරු ලබාගත හැකිය. එසේ වුවද ඒ ඒ රජවරුන් රජවීමට පෙර ගත කළ කාලය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකි වුවද ඒ තොරතුරු ඒ රජතුමා රජවීමට පෙර ඒ රජතුමා විසින්ම ලියන ලද ආකාරයෙන් දැනගැනීමට අපට අද අවස්ථාව උදාවී ඇත.පොළොන්නරුව චෝල බලයට අවසාන පහර ගසමින් යළි මේ රට එක්සේසත් කළ රජතුමා පිළිබඳ ඔබ මීට ඉහත දී දැනගන්නට ඇත. මේ රජතුමා මහ විජයබාහු නොහොත් කීර්ති කුමාරයා (රජවීමට පෙර) බැව් කිව යුතුය. ඒ කීර්ති කුමාරයා චෝල බලයට රජරට යටත් වී තිබුණු කාලයේ දී සිය දෙමාපියන් සමඟ කැලෑවැදී සැඟවී සිටියේය.

ඒ අවස්ථාවේ දී මහාවනයේ ආරක්ෂාව පමණක් නොව කෑම බීම පවා සපයාදුන් බව සඳහන් කරන ලේඛනයක් අද අප අතට පත්වී ඇත. එම ලේඛනය ලියා ඇත්තේ තඹ තහඩු තුනකය. පුස්කොළ පොතක් සේ සකසා ඇති ඒ ලේඛනය පනාකඩුව තඹ සන්නස යන නාමයෙන් ප‍්‍රකට වී ඇත. එහි සඳහන් වී ඇති කරුණු සියල්ලම විජයබාහු රජවීමට පෙර වනගතවී සතුරාට විරුද්ධව යුදකටයුතු සංවිධානය කිරීම සඳහා ඔහුට උදව් උපකාර කළ රාජ්‍ය නිලධාරියෙකුට දුන් ගම්වර පිළිබඳව ය. ඒ රාජ්‍ය නිලධාරියා බූදල්නාවන් හෙවත් බුද්ධරාජ ලෙසින් සැළකේ. මෙම පනාකඩුව තඹ සන්නසෙහි විජයබා රජතුමා රජවීමට පෙර බූදල්නාවන්ගේ රැකවරණයේ සිටි ආකාරය ද ඔහු විසින් විජයබාහු කුමාරයාට හා සිය දෙමාපියන්ට කෑම බීම ලබා දුන් ආකාරය ද සඳහන් කර ඇත. මෙම ලේඛනය ඓතිහාසික ලේඛනයක් වන්නේ මහ විජයබාහු රජුගේ වචනවලින් ම එය ලියා ඇති නිසා ම නො වේ. මෙවැනි ලේඛනයක් (රජ කෙනෙක් පිළිබඳව ලියන ලද) මෙතෙක් ලංකාවේ අපට හමුවී නැත. ඒ නිසා ඒ ලේඛනය පිළිබඳව දැනගැනීම ඉතාමත් වැදගත් වනු ඇත.රට චෝලයන්ට යටත්ව තිබුණු කාලයක ඒ චෝල බලය මැඩ පවත්වා යළිත් රජකමට සිංහල රජකෙනෙකු පත් කිරීමට අවස්ථාව සැලැසීම අප විසින් සිහිපත් කළයුතු මෙන්ම අගය කළයුතු අවස්ථාවකි.මේ පනාකඩුව තඹ සන්නසෙහි මැද පිටුවේ දෙපැත්තේම ද අනෙක් පිටුවල එක පැත්තක බැගින් ද ලියා ඇත. එම නිසා මෙහි ඔබට දක්නට ඇත්තේ ලියන ලද පැති සතරකි. එහෙත් මෙහි ඇත්තේ තඹ තහඩු තුනකි.

මෙහි සිංහල භාෂාව තරමක් ගැඹුරුය. මෙම පනාකඩුව තඹ සන්නස මහ විජයබාහු රජතුමා විසින් තමාට කරන ලද උපකාර වෙනුවෙන් බූදල්නාවන්ට (රාජ්‍ය නිලධාරියාට) ප‍්‍රදානය කරන ලද්දේ අනුරාධපුරයේ දී ය. පනාකඩුව තඹ සන්නස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ එවක (1940 – 1956) පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාට ලබගැනීමට අවස්ථාව ලැබුණේ පූජ්‍ය ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමිපාණන් වහන්සේ නිසාය. උන්වහන්සේ මේ පිළිබඳව මෙසේ සඳහන් කරති.”දැනට ඉතා ප‍්‍රසිද්ධියට පත්ව ඇති මේ සන්නස පිළිබඳ විස්තර කරුණු අනවශ්‍ය බැවින් සන්නස ලද සැටි පමණක් සඳහන් කරන්නෙමි. 1948 වර්ෂයේ දී මේ පිළිබඳ ආරංචියක් ඇසූ මම (නාහිමියෝ) රන්මලේ කඳු පාමුල පිහිටි බෙංගමුවේ ච්තිය නන්දනාරාමයට ගොස් එහි විහාරාධිපතීන් වහන්සේ හමුවී මේ ගැන සාකච්ඡා කළෙමි.අතින් අතට එමින් උන්වහන්සේ අතට පත්වූ පනාකඩුව තඹ සන්නස ලබා ගතිමි. මෙතෙක් සොයාගෙන ඇති පැරණිම තඹ සන්නස වූ මෙය පත් ඉරු තුනකින් යුක්තය. මැද පත්ඉරුවේ දෙපිටම ලියා ඇත. දෙපස ඇති පත් ඉරු දෙකේ ඇතුළු පැත්තේ පමණක් ලියා තිබුණි.පත් ඉරු ඇමිනීම සඳහා දෙපස සිදුරු දෙකක් ද වෙයි. මෙය පුස්කොළපොතක් මෙන් පත් ඉරු එකට බැඳ තිබෙන්නට ඇත. රාත්තල් 2 1 /2 පමණ බරවූ මේ සන්නස ලංකාවේ පැරැණිම තඹ සන්නස් ක‍්‍රමය හඳුනාගැනීම පිණිස ඉතාමත් ප‍්‍රයෝජනවත් වේ.මේ තඹ සන්නස සොයා ගත් ගොවිමහතාට එවක අග‍්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා විසින් මුදල් ත්‍යාගයක් ද ලබා දුන් බැව් වාර්තාවල සඳහන් වෙයි. පනාකඩුව තඹ සන්නස පළමුවන විජයබාහු රජතුමා විසින් කළගුණ සැලකීමක් ලෙසින් ඉටු කළ එම කාර්යය නිසා අද අපට එතුමා පිළිබඳ ඉතා වැදගත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත තඹ සන්නසක් ඉතිරි වී තිබීම ඔබ සැමගේ ද භාග්‍යයකි.

Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

More News »