උඩුනුවර ලංකාතිලකය

2017-03-13 11:27:00       829
feature-top
උඩුනුවර හියාරාපිටිය නම් ගමේ පැන්හල්ගල නම් පර්වත මස්තකයේ ලංකාතිලක විහාරය පිහිටා ඇත. දර්ශනීය පරිසරයකින් අලංකාරවූ මේ විහාර භුමියේ වටිනාකම දාහතර වන සියවස දක්වා ඉතිහාසයකට උරුමකම් කියති. කන්ද උඩරටින් බිහිවූ  අපරිමිත වටිනාකමකින් හෙබි පුජනිය කලා නිර්මාණයන්ගේ තෝතැන්නක් ලෙස ලංකාතිලකය හැදින්විය හැකිය.ක්‍රිස්තු වර්ෂ1344 දී පිහිටවනු ලැබූ මෙම විහාරය ගම්පොල හෙවත් ගගසිරිපුර හතරවන බුවනෙකබා රජුගේ පාලන කාලයේ ඉදිකරන ලද්දකි.බුදුන් වහන්සේ මෙන්ම හින්දු දෙවියන්ද පිදීමට තැනු පුජනිය ගෘහයක් ලෙස හැදින්විය හැක.

වැදගත් සාධක



ඉතාමත් දර්ශනීය වූ මකර තොරන් වලින් නිර්මාණය කරන ලද පසු බිමෙහි අතීත වටිනාකම කියා නිම කල නොහැක.බුදු පිළිම ගෙය නැගෙනහිරට මුහුණ ලා ඉදිකර ඇති අතර හින්දු දෙවොල බටහිරට මුහුණලා පිහිටා ඇත.මෙම සැලසුම් අභාෂය දකුණු ඉන්දියානු තමිල්නාඩු ප්‍රදේශයේ බහුල ලෙසත් දක්නට ලැබේ.


ඉරියව්ව :-හිදී පිළිමය
මුද්‍රාව :-ධ්‍යාන හෙවත් සමාධි
ආසනය :-පද්මාසනය
අමුද්‍රව්‍ය :- හුණු බදාම සහ රන් ආලේපන




වෙනත් කරුණු

ඉතාමත් දර්ශනීය මකර තොරණින් නිර්මිතව,බුදුපිළිම වහන්සේට දෙවී දෙවතාවන්ගේ හරසර ලබමින් විරාජමානව වැඩ සිටින අලංකාර නිර්මාණයක් මුළු ලෝකයා වෙතම දයද කර ඇත.මෙයයි අපගේ මහනුවර යුගයේ ඉතාමත් කලාත්මක නිර්මාණ අතරින් ඉදිරියෙන් සිටිනුයේ.



Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »