මාදුරු ඔය බුදු පිළිමය

2017-03-07 10:40:00       829
feature-top
මේ බුදු පිළිමය පිහිටා ඇත්තේ මාදුරුඔය ජලාශ වේල්ල මත්තෙහිය. පිළිම වහන්සේගේ දකුණත් පස දැවැන්ත ජල කඳක් තම ඇකයේ හොවාගෙන බින්තැන්න තමන්කඩුව පළාත් සශ්‍රික කරන්නී සුන්දර මාදුරුඔය ජලාශයයි. වමත් පස පෙනෙන තෙක්මානයේ දිවෙන තෘණ භූමියයි. වේල්ලේ එක් කෙළවරක ගොඩ නැගුනු පිළිම වහන්සේ මාදුරු ඔය පැරණි සොරොව්ව පිහිටි දිශාවට අඩවන් නෙත් යොමා සිටී.


මේ ප්‍රදේශය ජාතික වනෝද්‍යානයකි. ඒ නිසා කිලෝමීටර ගණනාවක් යන තුරු ස්ථිර මිනිස් වාසයක් නැත. අලි ඇතුන් ඇතුළු වන සතුන්ට මේ පෙදෙස රජ දහනකි. තෘණ භුමියේ තැනින් තැන උන්ට සෙවන පිණිසම සෑදුනු නූස් ගස් ඇත. ජලාශයත් ඉන් නික්මෙන ජල දහරාවත් උන්ගේ පවස සංසිඳවාලයි. තැනිතලාව හරහා හමා යන මද නල උන්ගේ ගිමන නිවයි.

මේ සියල්ල දකිමින් බුදු පිළිම වහන්සේ ජලාශ වේල්ල මත විරාජමානව වැඩ වසති.


වැදගත් සාධක

ඉරියව්ව :-  හිටි පිළිමය
මුද්‍රාව :- විතර්ක මුද්‍රාව
අමුද්‍රව්‍ය :- සිමෙන්ති , යකඩ කුරු, වැලි කුඩා කළුගල්


වෙනත් කරුණු

මේ පිළිමය විශාල වුවත් එතරම් කලාත්මක වටිනාකමක් පෙන්නුම් නොකරයි. පරිමාණයන් නිවැරදි නැත. ශරීර හැඩය බුදු පිළිමයකට තරම් නොවේ. එසේම මේ පිළිමයට ආවරණයක් හෝ නැත. අවු වැසි වලට නිරාවරණය වීම නිසා දුර්වර්ණ වී ඇත. නමුත් පිහිටීමේ වැදගත් කම නිසා මෙහි කලාත්මක බවක් සැගව ඇත.

budupilima.com


More News »