පොලොන්නරුව උත්තරාරාමය

2017-02-08 10:38:00       829
feature-top
සිත් පිත් නැති ඉතාමත් දැවැන්ත වූ කළු ගල් වලට ජිවයක් ලබා දුන් අපගේ පැරකුම් රජුගේ මෙහෙවර කියා නිමකළ නොහැකි තරම්ය. ශ්‍රී ලංකා දේශයට මෙන්ම බෞද්ධ ඉතිහාසයට කළ මෙහෙවර සදා අමරණීය වේ.
මෙවන් වටිනා ඉතිහාසයකට උරුම කම් කියන අනාගත පරපුරට මේ සියල්ල දායාදයක් ම වේවා!

වැදගත් සාධක

උත්තරාරාමය හෙවත් ගල් විහාරය තුල දක්නට ලැබෙන දෙවැනි බුදුපිළිම වහන්සේ මෙය වේ. මෙහි ඇති විශේෂ ලක්ෂණ නම් , පිළිම වහන්සේගේ දෙපසින් චාමරධාරින් සිටින සේ නිර්මාණය කර තිබීම එක් අංගයකි. මෙහි වම් පසින් බ්‍රහ්ම ද  දකුණු පසින් විෂ්ණු ද දර්ශිතය. ප්‍රතිමාවට ඉහළින් දකුණු කෙළවරෙහි මුනිවරයෙකුගේ රූපයකි. වම් කෙළවරෙහි බිතු සිතුවම් පෙළකි.

ඉරියව්ව :- හිදී පිළිම
මුද්‍රාව :- සමාධි
ආසනය :- වීරාසනය
අමුද්‍රව්‍ය :- කළු ගල

වෙනත් කරුණු
මේ අප දකිනුයේ පිළිම වහන්සේගේ ඉහළින් දක්නට ලැබෙන බිතු සිතුවම් හා මුනිවරයාගේ  දර්ශණයන්ය.
මෙහි ඇති මුණිවරයා ගේ සිතුවම , මුද්දරයක් වෙනුවෙන් නිකුත් කර ඇත. "පොලොන්නරුව 12 සියවස " ලෙස මෙය නම් කර ඇත. මෙම මුද්දරයේ වටිනාකම ශත .05 කි.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »