ගම්මැද්ද

කුසිනාරා නුවරදී සිදු වූ ඒ අසිරිමත් සම්බුද්ධ පරිනිර්වාණය

ගෞතම බුදුරජාණන් වහන්සේ (Gauthama Buddha 623 B.c -543 B.c) පන්සාලිස්‌ වසක තම සක්‍රීය ජීවන කාලය තුළදී බහුජන හිතසුව පිණිස ගමෙන් ගමට නගරයෙන් නගරයට පුරයෙන් පුරයට රාජධානියෙන් රාජධානියට චාරිකාවේ යෙදෙමින් ඒ අමා දහමින් ජනයා සැනසූ සේක.

භික්‍ෂුණී ශාසනය හා අෂ්ට ගරුධර්ම

පුරුෂ පක්‍ෂයට මෙන්ම කාන්තාවන්ට ද මානව හිමිකම් සාධාරණ අන්දමින් භුක්‌ති විඳීමේ අයිතිවාසිකම් තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. කාන්තාව දෙස අප්‍රසන්න ඇසින් බලා ආගමික පුද පූජාවන්ට පවා සහභාගි වීම තහනම් වූ එවන් යුගයක, කාන්තාව පූජනීයත්වයෙන් සැලකිය යුතු කොටසක්‌ ලෙස සම්භාවනාවට පත්කළේ භික්‍ෂුණී ශාසනයේ සම්භවයත් සමගය.

මුනි බුදු ගුණ රැඳි සේසත

බුදුදහම ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කළ අවස්‌ථාවේ තමන් බුදුන් වහන්සේ නොදුටු බවත් එබැවින් ඒ සඳහා කුමක්‌ කළ යුතු දැයි දේවානම්පියතිස්‌ස රජු ඇසූ කල ධාතූන් වහන්සේ දැකීම බුදුන් වහන්සේ දැකීම හා සමාන යෑයි මිහිඳු මහරහතන් වහන්සේ පැවසූහ. ඒ අනුව උන්වහන්සේගේ අනුශාසනාව මත සුමන සාමණේරයන් වහන්සේ දඹදිව යවා බුදුන්ගේ දකුණු අකුධාතුව ලංකාද්වීපයට වැඩම වීය.

නීලගිරියෙන් අලුතින් සර්වඥ ධාතු සොයා ගැනේ?

ගෞතම බුදුරජුන් ජීවමානව වැඩ සිටි සමයේ ද බුදුන් උදෙසා ලංකාවේ දාගැබ් ඉදිවී තිබේ. ත්‍රිකුණාමලයේ හිරිගඩු සෑය හා මහියංගණ මහා සෑය ඒ අතර වේ.

පුරාණ ලක්‌දිව ද්වී-මහල් ස්‌තූප නිර්මාණ තාක්‍ෂණය

ස්‌තූපයක මූලික කොටස්‌ හදුනා ගැනීමේදී පේසාව මත ගර්භය, ගර්භය මත හතැරැස්‌ කොටුව, හතැරැස්‌ කොටුව මත දේවතා කොටුව, දේවතා කොටුව මත කොත්කැරැල්ල, කොත්කැරැල්ල මත කොත ආදී ලෙස පිළිවෙළින් දක්‌වනු ලැබේ. නමුත් යමෙකු පේසාව මත ගර්භයත් එම ගර්භය මත නැවත පේසාවක්‌ද එම පේසාව මත ගර්භයක්‌ යෑයි සදහන් කළහොත් මහත් ප්‍රහේළිකාවක්‌ වනු ඇත.

දුටුගැමුණු රජුගේ ඇත්තම අගබිසව කවුද?

ලංකාවේ මුල් යුගයේ සිටි ශේ‍ර්ෂ්ඨම රජකු වූ දුටුගැමුණු (ක්‍රි.පූ. 161-137) මහා වංසයේ වීරයා වෙයි දුටුගැමුණු රජුගේ බිසවුන් පිළිබඳ වංසකතා, ලෙන් ලිපි, ජනප්‍රවාදවලින් හෙළි වන තොරතුරු කීපයක් මේ ලිපියේ එයි.

ගලේ හැදූ "යහන් ඇඳ"

අනුලා මැණිකේ හේරත් කිරිඅම්මා ප‍්‍රකාශ කරන්නේ මීට වසර දහතුනකට පමණ පෙර තම සැමියා සිටින අතරතුර සුදුමහත්වරුන් කට්ටියක් පැමිණි බවත් එක් අයකු නොක්ස්ගේ මී මුනුපුරෙක්  යැයි කියූ බවත්ය. ඔහු විසින් පරිහරණය කරන ලද සිහිවටන කිසිත් නැද්ද කියා ඇසූවිට, උදැල්ල, පිහිය, බත් කාපු පිඟාන තිබී අනුන්ගේ දේවල් මට මොටද කියා පරිත්‍යාග කළ බව ඈ කීවාය.

දෙගල්දොරුව සිතුවම් පිළිබඳ සංවාදයක්‌ අවශ්‍යයි

ඉපැරණි ශ්‍රී ලාංකික චිත්‍ර කලාවේ අවසන් යුගය වශයෙන් සැලකෙන්නේ මහනුවර යුගයයි. එදා චිත්‍ර කර්මාන්තය එක්‌තරා කුලයකට හිමිව තිබූ වග පැරණි සන්නස්‌ පරීක්‍ෂාකර බැලීමේදී අනාවරණය වන්නකි. එසේම ඔවුහු රාජ චිත්‍ර ශිල්පීන් වශයෙන් රජු විසින් පිළිගෙන ඇත්තේ රාජ නළල් පටක්‌ පැළඳවීමෙනි

ශ්‍රී ලාංකේය බෞද්ධ සිතුවම්
කලාවේ අන්තර්ගත අපරදිග ලක්‍ෂණ

ක්‍රි අ ව. 1750-1900 ත් අතර කාලසීමාව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ යුරෝපීය බලපෑම සාමාජීය, සංස්‌කෘතික, ආගමික, සහ ආර්ථික වශයෙන් ප්‍රබලව සිදුවූ සංකීර්ණ මෙන් ම තීරණාත්මක කාල පරිච්ෙ-දයකි. පශ්චාත් යටත්a විජිත සමයේ ශ්‍රී ලංකාවේ පහතරට බෞද්ධ විහාරස්‌ථානවල අන්තර්ගත වූ සුවිශේෂී අංගයක්‌ වන අපරදිග කලා ලක්‍ෂණ හඳුනා ගැනීම

පැරැණි සිංහල පන්තියේ වාහනය දෝලාව

වර්තමාන සමාජයේ පවතින ආකාරයෙන් සුඛෝපභෝගී අයුරින් නොව වහල් මෙහෙය නැතහොත් වැඩවසම් සමාජ පසුබිමක්‌ පැතිර පැවතියා වූ සිංහලයේ රාජ්‍ය පාලන අවධීන් තුළදී රජුන් ප්‍රධාන ඇමැතීන්, රදලයින්, නිලමේවරුන්, දිශාවේවරුන් යනාදී සිංහල ප්‍රධානීන් ගමනාගමනය උදෙසා (ප්‍රවාහනය) යොදාගනු ලැබූ ක්‍රමෝපායන් කිහිපයක්‌ පැවතුණි.

ශාසනය රැක ගැනීම උදෙසා ලියූ කහකුරුළු සංදේශය

අද පැරණි සාහිත්‍ය කෘතිවල සාහිත්‍යමය වටිනාකම් ගැන නව පරපුරට හඳුන්වාදීම වගකිවයුතු අංශ පැහැර හැර ඇති සේය. පෙර වකවානුවලදී මෙම අගනා කෘති පාසල් අධ්‍යාපනයට එකතුකර ඒවායේ වටිනාකම් හා අන්තර්ගතය ගැන අවබෝධයක්‌ ලබාදීමෙන් තැන්පත් නිවුනු, නිර්මාණශීලී මනසක්‌ ඇති ළමා පරපුරක්‌ බිහිවීමට විශාල පිටිවහලක්‌ වූ බව අපගේ හැඟීමයි.

මනසට සුව දෙන ජාතක පොත

සිංහල සාහිත්‍ය වංශයේ ප්‍රබෝදයට හේතු වූවේ නිර්මල බුදුදහමේ හරයන් ඔස්‌සේ එය පෝෂණය වීමයි. ගද්‍ය. පද්‍ය, නාට්‍ය, කලාවන් තුළ සිංහල කලාකරුවා දැක්‌වු පරිනතභාවය අති විශාලය. මෙම විෂයන් අතර ලේඛන කලාව ප්‍රගුණ කළ ශ්‍රී ලාංකික කලාකරුවා ස්‌වභාෂා ඥාණය, ධර්ම ගුණය දියුණු වීමට ඉවහල් වන පරිදි බොහෝ ග්‍රන්ථ සම්පාදන කළහ.

ආදීවාසී දිවි පෙවෙතේ නොදත් කතා

අතීතයේ ලංකාව පුරා ව්‍යාප්තව සිටි වැදි ජනතාව අද වනවිට නැගෙනහිර, ඊසාන හා ඌව පළාත්හි ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී සිටිති. මහියංගණය, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, දිඹුලාගල, බිබිල වැනි ප්‍රදේශවල වාසය කරන මෙරට ආදිවාසි ජනතාවගේ ජීවනෝපාය ඉතා සරළ ය.

පුරාණ ලක්‌දිව බලි නිර්මාණ තාක්‌ෂණය

ආගම හා මන්ත්‍ර බලය (Magic and Religion) නැමැති ග්‍රන්ථය රචනා කරන ආගම හා අභිචාර විධි හෙවත් යන්ත්‍ර මන්ත්‍ර විධි පිළිබ`දව පර්යේෂණය කරන ලද විද්වතුන් අතර ප්‍රමුඛයා වන ශ්‍රීමත් ඡේම්ස්‌ ප්‍රේෂර් නම් මානව විද්‍යාඥයන් අනුව ආගමේ ප්‍රභවය හෙවත් ප්‍රාථමික අවධිය ගොඩනැඟී ඇත්තේ අභිචාර විධි පදනම් කරගෙනය.

සත්ත්ව කොට්ඨාශ කිහිපයක අංග ලක්ෂණ කියාපාන මකර තොරණ

මකර රුව සහිත මකර තොරණ ශ්‍රී ලංකාවේ බෞද්ධ කැටයම් කලාවේ වාස්තු ශිල්පීය කලා කෞශල්‍යය මොනවට විහිදා දක්වන සුවිශේෂී අංගයක් ලෙස සැළකේ. බොහෝ විට විහාරස්ථානයකට ඇතුළත්වන ස්ථානයේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක වටා මකර තොරණ ඉදිකර තිබෙනු දැකගත හැකි වේ.

අදටත් දැකිය හැකි රාජ සභා මණ්ඩපය

අතීත රජවරු රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතරින් මේ වනවිටත් ජීවමාන ව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් ලෙස දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකි ය.

ලංකා ඉතිහාසයේ සීමාවන් පුළුල් කරන ‍පොළොන්නරු පුරාවිද්‍යා කැණීම්

පොළොන්නරුව කී සැණින් අපේ මතකයට නැගෙනුයේ වටදාගෙය, ගල් විහාරය වැනි ආගමික සිද්ධස්ථාන හා පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැනි මහා වාරි කර්මාන්තයන්ගෙන් හැඩවූ ඓතිහාසික නගරයකි. ඒ අප දැක පුරුදු ‍පොළොන්නරුවේ ස්වභාවයයි.

දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර

සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

ආනන්ද මෛත්‍රෙය නා හිමියන්ගේ ගුරුපරපුරේ මුල්බිම රාස්සගල ගල් ලෙන් සෙනසුන

ව්‍යවහාර වර්ෂවලින් 19 වැනි සියවස ආරම්භ වූයේ ලංකා දූපතට යහපත් ලකුණු රැුගෙන නොවේ. එම සියවසේ මුල් වසර ආක‍්‍රමණ වලින්ද අවිචාර පාලනයකින්ද පීඩාවට පත් වූ ලේ වැගුරුණු දුක්දොම්නස් පැතුරුණු මුරුගසන් වරුසාවට තෙමුණු මිනිසුන්ගෙන් පිරීගිය සමාජයක් වීය.

පවුරකන්දේ පුංචි ශ්‍රී පාදය

සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය අපිට වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල එහි පිහිටුවපු නිසා විතරක් නෙවෙයි, එය අපේ සංස්කෘතියෙම කොටසක් නිසා. වෙනත් ආගමික ස්ථානවලට වඩා ශ්‍රී පාදය වෙනස් වෙන්නෙ බෞද්ධ දර්ශනයත් පරිසර සංචරණයත් එකට එකතු වුණු නිසා. ජීවිතේ හැම දේකදීම ආගමට දහමට මුල් තැනක් දීපු අපේ රටේ මිනිස්සු පරිසරයේ සොඳුරු බව විඳ ගත්තෙත් ආගම දහමට මුල් තැන දීලා. සීත ගඟුලෙ නාන එක, ඉර සේවය නරඹන එක වගේ දේවල් ශ්‍රී පාද ගමනට එකතු වුණෙත් මේ නිසා.

විජය එන්න අවුරුදු 800කට කලිනුත් ලංකාවේ දියුණු ගම් නගර තිබුණා

පුරාවිද්‍යාව ඇසුරින් කටයුතු කිරීම කියන්නෙත් ජීවිතයට අමතක නොවන අත්දැකීමක්. තම දෑතින් කරන ලද සොයාගැනීමක් අතීතය අනාගතය වෙනස් කළොත්...? එවන් සිදුවීමක් ගැන මේ කතාව අපට කිව්වේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා.

හුදකලා ගල්හතේ අනුරපුර යුගයේ ලෙන් ලිපි

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්හත හුදෙකලා වූ පාෂාණ උද්ගත රැසකින් සමන්විත වන අතර ප්‍රදේශය රැලි භූවිෂමතා ලක්‍ෂණවලින්ද හුදෙකලා පාරිසරික ලක්‍ෂණවලින් සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් සමන්විතය. ගල් හතකින් වටවූ වනාන්තර කොටස ගල්හත ලෙසට ප්‍රදේශයේ ගම්වැසියන් හඳුනාගෙන ඇත.

රජ ගෙදර විකටයෝ

සිංහල රජවරුන්ට රාජ සභාවට හාස්‍ය ලබා දුන් විකටයන් අතීතයේ සිටම සිට ඇත. එහෙත් ඔවුන් පිළිබඳ තොරතුරු වංශකථාවල සටහන් වී ඇත්තේ ඉතා අඩුවෙනි.

More News »

add_one